ඔන්න ඉතින් අද බහුතරයක් දෙනා කැමති නිසාන් GT-R එක ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවා....ලංකාවෙ සුවහසක් මෝටර් රථ ලෝලීන්ගෙ පොදු ආදරය 
ගොඩක් තොරතුරු මම අමුතුවෙන් කියන්න දේයක් නෑ හැමෝම ගොඩක් හොදට දන්නව නෙහ්..
වර්තමානය වෙද්දි නිසාන් GTR කියල හැදින්වුවත් ...මීට කලින් මොඩ්ල් හැදින්වුනේ නිසාන් " ස්කයිලයින් " GTR කියල....
කොහොමද මේ ස්කයිලයින් GTR එක හැදුනෙ.....
ස්කයිලයින් කියල නම දාල මෝටර් රථයක් නිර්මානය කරේ ප්රින්ස් කියන ඔටෝමොබයිල්ස් කම්පනි එකෙන් ( PRINCE AUTOMOBILES )මේ අය මුල් කාලයේ දෙවනි ලෝක යුද්දෙට ගුවන් යානා නිර්මානය කර කර තමයි හිටියෙ...
පස්සෙ 1957 දී විතර ලීටර් 1.5 ක එන්ජින් එකක් තියන සෙඩාන් කාර් එකක් නිශ්පාදනය කරනව.....මේකට නම තියන්නෙ ප්රින්ස් ස්කයිලයින් කියල...මේක නිශ්පාදනය කරන්නෙ 1961 වෙනකම් විතරයි..ඒකත් සීමිත ප්රමානයක්....
ඊට පස්සෙ 1964 දී මෙයාල ස්කයිලයින් GT කියල මෝටර් රථයක් නිශ්පාදනය කරල.. සාම්ප්රදායික ලක්සරි සෙඩාන් වලින් රේස්
කාර් පැත්තට පොඩි පිම්මක් පනිනව...
1966 අවසාන බාගයේ ප්රින්ස් ඔටෝමොබයිල්ස් නිසාන්ලත් එක්ක එක්කාසු වෙනව ..
1969 දි නිසාන් ස්කයිලයින් එකේ ෆස්ට් ජෙනරෙශන් එක වෙච්ච PGC10 මෝටර් රතය ටොකියෝ මෝටර් ශෝ එකෙදි එලි දක්වනවා...
2.0 L DOHC S20 ඉන්ලයින් සික්ස් සිලින්ඩර් , හෝස් පවර් 160 ක එන්ජිකින් හා 5 ස්පීඩ් මැනුවල් ට්රාන්ස්මිශන් එකකින් ආපු මේ " කුමාරයා "
1969 - 72 අතර සහබාගී වෙච්ච තරග වලින් 52 ක්ම ජයග්රහණය කරන්න පුලුවන් උන නිසා තරුන පරම්පරාව අතර ඉක්මනින් ජනප්රිය වෙන්න ගත්තා...ආදරේ වැඩි කමට " HAKOSUKA " කියල නික් නේම් එකකුත් තිබ්බා 
1971 දී KPGC10 කියල තව කූප් මොඩ්ල් එකක් හදුන්වලා දෙනවා..
මේ KPGC10 එකේ ලබපු සාර්තකත්වය නිසා නිශ්පාදකයො තීරනය කරනව මේක පොඩ්ඩක් තව ඇඩ්වාන්ස් කරල මාකට් එකට දාන්න ..ඒ අනුව 1972 ටෝකියෝ මෝටර් ශෝ එකෙදී C110 එක එලිදක්වන්ව ....
කලින් මොඩ්ල් එකේ වගේම 2.0 L S20 I6 එන්ජින් එකකින් සහ 5 ස්පීඩ් මැනුවල් ට්රාන්ස්මිශන් එකකින් තමයි මෙයත් නිශ්පාදනය කරේ...
ඒ උනත් බ්රේක් , සස්පෙන්ශන් , එරෝඩයිනමික් , බොඩි ටයිප් වලින් පොඩ්ඩක් ඇඩ්වාන්ස් උනා ...
කලින් ජෙනරේශන් එකට හකොසුකා කිව්ව වගේ මේකටත් නික් නේම් එකක් දැම්මා
" KANMERI " කියල...
අවාසනාවකට වගේ 1970 දශකයේ මුල් භාගයේ දී ඇති උනු ගෝලීය පෙට්රල් අර්බුද හා දැඩි එමිශන් කන්ට්රෝල් ප්රතිපත්ති නිසා දෙවන පරම්පරාවේ skyline රථ අසාර්ථක උනා ...ඒ විතරක් නෙමෙයි හයි පර්ෆෝමන්ස් ස්පෝට් කාර් බොහෝමයක් සදහා ඉල්ලුම පහල වැටුනා...
1985 දී ස්කයිලයින් R31 හඳුන්වා දුන්නා..... මේක කලින් මොඩ්ල් වලට වඩා ටිකක් විශාල බොක්ස් ටයිප් එකක් වශයෙන් තමයි නිශ්පාශනය කරෙ..ඒ වගේම තමයි නිසාන්ලගෙ Red - top එන්ජින් එක ( රතු පාට කෑම් කවර් එක ) මේ මොඩ්ල් එක හරහා එලි දැක්වූවා.....
කොහොම උනත් සෙකන්ඩ් ජෙනරේශන් එකේ මොඩ්ල් වලට වැඩි ඉල්ලුමක් තිබුනෙ නෑ ..දත කාල කාල වාහන කීපයක් විතරයි විකුන ගන්න පුලුවන් උනේ....
කාලය හෙමින් හෙමින් ගෙවිල යද්දි
අපි වගේ උන තියන පොරවල් වලට අලුත් වෙනසක් ඕන උනා ...
ඒකාකරී පර්ෆෝමන්ස් අඩු එන්ජින් තියන වාහන පැදල පැදල කලකිරිල ඉද්දි නිසාන් GTR ඉතිහාසේ වගේම මෝටර් ස්පෝට් ඉතිහාසෙම වෙනස් කරමින්
Naganori Ito මහත්තය නිර්මානය කරනව සුපිරි බාන්ඩයක් ඒ තමයි නිසාන් skyline GTR R 32....
මුල්ම වතාවට RB26DETT ඉන්ලයින් 6 ට්වින් ටර්බෝ , හෝස් පවර් 276 ක එන්ජින් එක හදුන්වා දෙන්නෙ නේ R32 එක හරහා...( ට්වින් ටර්බෝ ගැන කලින් ලිපියක් ලිව්ව ඒක බලන්න )
ඒ වගේම නිසාන් GTR වලට ATTESA E-TS කියන ඕල් වීල් ඩ්රයිව් සිස්ටම් එක හදුන්වල දෙන්නෙත් මේ r32 එක හරහා....
( මේ ගැන වෙන ලිපියකින් කතා කරමු
)
1989 ඉදල 1992 වෙනකම් Japanese Touring Car Championship එකෙ මෙයා සහබාගී වෙච්ච හැම තරගයක්ම නොකඩවාජයග්රහණය කරනවා....
ඒ වකවානුවේ R32 එක හැදින්වුනේ රේස් ට්රැක් වලටම උපන්නෙක් විදියට..
මේ හේතූ නිසා මේකේ R32 එකේ නිස්මෝ වර්ශන් එකකුත් හදුනවල දෙන්න මේ ගොල්ලො තීරනය කරනව ..ඒ අනුව නිස්මො රථ 560 නිර්මානය කරනව..
( NISMO (නිස්මො ) කියන්නෙ - Nissan Motor Sport
නිසාන්ලගෙ මෝටර් ස්පෝට් / ටියුනින් ඩිවිශන් එක ...
නිස්මෝ නම යටතේ නිශ්පාදනය කරන මොඩ්ල් වල බේසික් මොඩ්ල්ස් වලට වඩා පර්ෆෝමන්ස් වැඩියි )
ඒ විතරක් නෙමෙයි නිසාන් GTR එකට " ගොඩ්සිලා " කියන නික් නේම් එක වැටුනෙත් මෙයා නිසා...
ගොඩ්සිලා කිව්වම ගොඩක් අය නොදන්න විදියක් නෑ නේ..ගොඩක් ෆිල්ම් වල , කාටුන් , ඇනිමෙශන් මේ ගොඩ්සිලා කියන සතා පාදක වෙලා තියනව නේ....
ගොඩ්සිලා කියන්නෙ ජපන් ප්රබන්ද කතා වල එන විශාල න්යශ්ටික ශක්තියක් කටින් පිට කරන්න පූලුවන් විනාශකාරී විශාල උරගයෙක් ...
1980 දශකයේ අවසාන වකවානුවේ නිසාන් ස්කයිලයින් R32 එක අපනයනය කරපු පලවෙනි රට බවට ඔස්ට්රේලියාව පත් වෙනවා...
ඔය කාලෙම ඉතාම ජනප්රිය මෝටර් රථ තරගාවලියක් වන Australian Touring Championship එකට සහබාගී වෙන්න R32 එකට අවස්තාවක් ලැබෙනව...ඒකට වැඩියෙන්ම හේතු උනේ Japanese Touring Car Championship එකේ මෙයා දාල තිබුනු වැඩ කෑලි ටික නිසා...
කොහොම හරි මෙයා මේ තරගාලියෙත් සහබාගි වෙච්ච හැම තරගයක්ම විශිශ්ට අන්දමින් ජයග්රහණය කරනව...
ඉතින් මේ වෙද්දි නිශ්පාදකයො තීරනය කරල තිබ්බ මෙයාට ජපන් පුරාවෘත්ත වල එන හැඩය වෙනස් කරන රාක්ශයා කියන අදහස එන " bakemono " කියන නම දාන්න ....
ඒ උනත් ඔස්ට්රේලියානු ඔටොමෝටිව් සගරාවක් වන Wheels සගරාවට ඕන උනා මිනිස්සුන්ගෙ ඇස ඇදල ගන්න නමකුත් එක්ක R32 එක එයාලගෙ සගරාවෙ මුල් පිටුවට දාන්න ...
ඒ අනුව එයාල තීරනය කරනවා මේකට " ගොඩ්සිලා " කියල නම දාන්න ...මේ හේතුව නිසා මිනිස්සුන් අතර විශාල වශයෙන් මේ ගොඩ්සිලා කියන නික් නේම් එක ජනප්රිය වෙන්න ගත්තා...අදටත් හැමෝම gtr එකේ හැම මොඩ්ල් එකටම ගොඩ්සිලා කියල කිව්වත් ....සැබෑම ගොඩ්සිලා වෙන්නෙ සිකයිලයින් R32 ......
ගොඩ්සිලාගෙන් පස්සෙ 1993 දී ටෝකියෝ මොටර් ශෝ එකේදි කන්සෙප්ට් එකක් විදියට ස්කයිලයින් R33 මුල්වරට ප්රදර්ශනය කරලා
1995 දී කලින් මොඩ්ල් එකේ වගේම ඉන්ලයින් 6 සිලින්ඩර් ටිව්න් ටර්බෝ එන්ජිමක් සහිතව ජනතාව අතට පත් කරා 
R32 එකට වඩා ඇඩ්වාන්ස් , වේගවත් , වුනෝදජනක මෝටර් රතයක් වශයෙන් තරුනයන් අතර ජනප්රිය උනා.......ඒ වගේ ATTESA E-TS PRO වශයෙන් තව වැඩි දියුන කරන ලද ඕල් වීල් ඩ්රයිව් සිස්ටම් එකත් හදුන්වලා දුන්නා...
ඔන්න ඉතින් දැන් තමයි හැමෝම ආදරය කරන ජපන් මෝටර් රථ වංශ කතාවෙ තවත් ලෙජ්න්ඩ් එකක් උනු ටොයෝටා සුප්රා එකේ පරම හතුර උනු ස්කයිලයින් GTR R34 කරලියට බහුන්නෙ...
RB26DETT TWIN-TURBO ඉන්ලයින් 6 හෝස් පවර් 327 බලසම්පන්න වෙලා 2 door කූප් බොඩි ස්ටයිල් එකට එන මෙයාගෙ ජනප්රියත්වය එදා වගේම අදටත් එක වගේමයි 
ස්කයිලයින් GT-R GF-BNR34 (R34) එක කලින් මොඩ්ල් වලට වඩා හෝස් පවර් ගාන ටිකක් වැඩි වගේම වීල් බේස් එක අඩුයි...ඒ වගේම ග්රවුන්ඩ් ක්ලියරන්ස් එකත් අනිත් මොඩ්ල් වලට වඩා අඩු කරල තියෙනෙ ...
1999 ජනවාරියෙ Skyline GT-R , GT-R V·Spec සහ GT-R V·Spec N1 කියන මොඩ්ල්ස් හදුන්වල දෙනව...
1999 ඉදල 2002 අවුරුද්ද වෙනකම් නිශ්පාදනය කර්ල ...2002 අවුරුද්දෙ නිශ්පාදනය නතර කරල දානව....
V·Spec II
V·Spec II Nür
V·Spec II N1
V·Spec II New Zealand
M·Spec
M·Spec Nür
ඔන්න ඔය වගේ මෙයාගෙ තව මොඩ්ල් හැට හුටහ මාරක් තියනව ..ඒ ඔක්කොම දැන් කතා කරන්න බෑ නේ...දැනටමත් ලිපිය අම්බානෙකට දිග වෙලා තියෙන්නෙ..කස්ටිය කියවන්නත් කම්මැලි නේ
ඒක නිසා නිසාන් GTR R35 එක ගැන සම්පූර්ණයෙන් වෙන ලිපියකින් කතා කරමු ....
ලිපියෙ අඩුපාඩු වගේම තව ඔයාල දන්න විශේශ කාරනා කමෙන්ට් කරන් යන්න අනිත් අයටත් බලන්න....
යාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න..

No comments:
Post a Comment