මොනවද මේ මසල් කාර් ??? - Leonz E News

Leonz E News

Srilanka E News & All In One Web Page

aaa

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Friday, June 11, 2021

මොනවද මේ මසල් කාර් ???

 



මසල් කාර් කියන වචනෙ ගොඩක් අයට අලුත් වචනයක් නෙමෙයි...ඔයා ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් සීරීස් එක බලල තියනව නම් මස්ල් කාර් වලට පිස්සු වැටුනෙ නැත්නම් තමයි පුදුම...
සාමාන්යයෙන් මසල් කාර් කියල හදුන්වන්නෙ සාමාන්ය කාර් එකකට වඩා ලොකු පෙනුමක් , විශාල බලයක් සහිත v8 එන්ජින් එකක් , ඩබල් එක්සෝස්ට් සිස්ටම් එකක් සැහැල්ලු බොඩි එකක් , රියර් වීල් ඩ්රයිව් , දොර දෙකක් සහිත ආසන 4 යුක්ත ඇමරිකානු අධි බ්ලැති මෝටර් රථ වලට..
මේ මසල් කාර් වල හදවත වන V8 එන්ජින් එක මුලින්ම යොදා ගත්තෙ ගුවන් යානා වලට ..
Leon Levavasseur කියන ප්රංශ ජාතික ඩෑල් එක තමයි මුලින්ම v8 එන්ජින් එකක් නිශපාදනය කරල ඒකට පේටන්ට් එක ගත්තෙ ....
ඊට පස්සෙ කාලේක ඒ කියන්නෙ 1914-1935 අතර කාලේ කැඩිලැක් L- HEAD එන්ජිම විශාල ප්රමාණයකින් නිශ්පාදන කරන ලද පළමු මෝටර් රථ V8 එන්ජිම වශයෙන් සලකනවා....
ඉතින් ඔන්න ඔය කාලේ හෙන්රි ෆෝඩ් මහත්තයත් හොදට බංකොලොත් වෙලා හිටියේ..මොක්ද ඒ වෙනකොට වෙලදපොලේ විශාල ප්රමානයක් අල්ලගෙන හිටියෙ CHEVROLET කම්පැනිය...
ඉතින් මෙයත් ඇතෑරියේ නෑ උඹල සිලින්ඩර් 6 නේ ..මම දෙන්නම් සිලින්ඩර 8 කින් කියල එයා බැස්සුව සුපිරි බාන්ඩයක් ......
Ford flathead v8 එන්ජින් එකත් එක්ක ford model 40 ... මොකද මීට කලින් මහා පරිමාණයෙන් නිෂ්පාදනය වුණු කිසිම කාර් එකකට V8 එන්ජිමක් ඇවිත් තිබ්බේ නෑ. V8 එන්ජිමක් මහා පරිමාණයෙන් හදන්න පුළුවන් කියලා කවුරුවත් හිතුවෙත් නෑ...ඉතින් මේ හේතුව නිසා ෆෝඩ් මොඩල් 40 මෝටර් රථය අලෙවි වාර්තා තියමින් අලෙවි උනා....
ඉතින් ඔන්න ඔහොම කාලෙ ගෙවිල යද්දි දැන් කාලේ වගේම රථ ගාය උපරිමයෙන්ම තිබුන ඩෑල් වලට ඕන උනා හොද ෆාස්ට් කාර් එකක් ...
ඉතින් මේ වෙනුවෙන් විශාල ඉල්ලුවක් තිබුන... වේගය මරුවා කැදවයි උනත් ඉල්ලුමට ප්රතිචාර වශයෙන් 1949 දි ඕල්ඩ්ස්මොබයිල් කම්පැනි එකෙන් බැස්සුව සුපිරි භාන්ඩයක් ... ඒ තමයි රොකට් 88 ...
සැහැල්ලු බදක්... ඕවර් හෙඩ් වෑල්ව් , V8 එන්ජින් එකක් එක්ක බස්ස්පු මේ බාන්ඩේ ඒ වකවානුවෙ ස්පීඩ් එකට තිබිච්ච පිස්සුව වැඩි කරා .... ඒ NASCAR (National Association for Stock Car Auto Racing) තරගාවලියේ මෙයා සහබාගී වෙච්ච තරග විශාල වශයෙන් ජයග්රහනය කරල ...." KING OF NASCAR " කියන නමත් පට බැදුනා...
ඔන්න ඉතින් රොකට් 88 එක නැගලම යනකොට අනිත් කම්පැනිත් බැස්ස ගේම් එකට ...
ක්රයිස්ලර්ලා එයාලගේ හෙමි එන්ජින් එක දාල හෝස් පවර් 300 කුත් එක්ක crysler c-300 එක ඇමරිකන් මෝස්ට් පවර්ෆුල් කාර් කියල එලියට දැම්මා...
ඔන්න ඔව්ව ඔහොම වෙද්දි මස්ල් කාර් ප්රඩක්ශන් එකට හෙනහුරා පාත් වෙන්නෙ ..
ඒ මෝටර් ස්පෝට් ඉතිහාසයේ සිදුවුනු දරුනුම අනතුර නිසා ....
1955 තිබුන Le mans තරගය අතරෙ මර්සිඩිස් බෙන්ස් එකක් අනතුරකට ලක්වෙලා ඒක ඩ්රයිව් කරපු Pierre Levegh ඇතුලු 84 දෙනෙක් මරනයට පත්වෙනව..
ඉතින් 1957 දී මෝටර් රථ කම්පැනි ස්පොන්සර් කරන ධාවන තරග නැවැත්වීමට මෝටර් රත නිශ්පාදකයන්ගේ සංගමය තීරනය කරා...
( Ford vs ferrari ෆිල්ම් එක බලන්න Le mans තරගය , ශෙල්බි ඉතිහාසය වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් )
මෙන්න මේ නිසා මසල් කාර් නිශ්පාදන වේගය ටික කාලයකට අඩාල වෙනව....ඉතින් කොහොම හරි කස්ටිය නාහෙන් අඩල අඩ්ල මේ තහනම අයින් කර ගන්නෙ 1963 දි..
60 දශකයේ මුල් භාගය වන විට ඩ්රැග් රේසිං වලට විශාල ජනප්රියත්වයක් ලැබීම නිසා වේගය වඩාත් වැදගත් සාදකයක් උනා.. මේ කාලයේදි එන්ජින් පවර් එක වැඩි උනත් මෝටර් රථවල ප්රමානය එලෙම පැවතුනා....ඉතින් Dodge , plymouth වගේ කම්පැනි එයාලගේ බරින් වැඩි චැසි , විශාල බොඩි ඉවත් කරල වේගය මූලික කරගෙන සැහැල්ලු මෝටර් රථ නිශ්දපානය කරන්න පෙලබුනා....
1964 දී pontiac විසින් මසල් කාර් වල ස්වර්ණමය යුගය ආරම්භ කරමින් pontiac GTO කියන සුපිරි වන්ඩිය එලියට දානව .. සාමාන්යෙන් තරුන පරම්පරාවට දරා ගන්න පුලුවන් මිලකට ( $ 3200 ) එලියට දාපු නිසා pontiac නිශ්පාදකයෝ බලාපොරොත්තු උනාට වඩා හය ගුනයකින් මේ මෝටර් රථය අලෙවි උනා...
ඒ ගානට තාම තිබුන නම් දැන් උනත් එකක් ගන්න තිබුනා නේ 😁😁
(GTO - Gran Turismo Omologato or translated Grand Tourer Homologation- සරල තේරුම මෝටර් රථ ධාවන තරග සදහා අනුමත කියන එක ) .....
මේ කාලෙම තමයි ෆෝඩ් මස්ටෑන්ග් එකකරලියට බෑස්සෙ... 1964 දී නිකුත් කරන ලදී....ශාප් ලුක් එකක්. අඩු මිලක්, අඩු බලයකින් වෙලදපොලට ආපු මෙයාට විශාල ඉල්ලුමක් පැවතුනා...
හැබැයි මස්ටෑන්ග් එක මසල් කාර් එකක් නෙමෙයි පෝනි කාර් එකක්...ගොඩක් අය මසල් කාර් කියල හිතන් ඉන්න ගොඩක් කාර් මසල් නෙමෙයි පෝනි වෙන්න පුලුවන් ....
PONY CAR ( පෝනි කාර් )
පෝනි කාර් එකක් කියන්නෙ විශාල එන්ජින් එකක් සහිත , බරින් අඩු , ප්රමානයෙන් කුඩා , දිගින් අඩු , කෙටි වීල් බේස් එකක් තියන ඇමරිකානු මෝටර් රථවලට ..
උදා - 1964 Ford Mustang
1969 Chevrolet Camaro Z/28
1970 1/2 Pontiac Trans Am
1971 Pontiac Firebird
1970 Dodge Challenger TA
1968 දී සේෆ්ට් සහ එමිශන් කන්ට්රොල් වලට නීති එන්න පටන් ගත්තා ....
කොහොම උනත් 70 දශකය ආරම්බ වෙද්දි මසල් කාර් ජනප්රියත්වයේ උපරිමයට ලගා වෙලා හිටියෙ...
කමාරෝ ,මස්ටෑන්ග් , ෆයර්බර්ඩ් වගේ මෝටර් රථ දර්ශනීය ලෙස වැඩි දියුනු උනා...
PONTIAC GTO තවත් මිල අඩු කරල තව අලුත් පෙනුමකුත් ලබා දුන්නා... ඩොජ් චාජරය ඉතාම ජනප්රිය උන අතර dodge daytona එකේ වින්ග් එක නිසා තරුනයන්ගේ ආකර්ශනය නොඅඩුව ලැබුනා...
70 දශකය අවසාන වෙන්න ළං වෙනකොට මස්ල් කාර් වලට අසුභ කාලයක් උදාවෙන්නට පටන් ගන්නවා. පරිසර හිතකාමී නීති රීති වැඩිවීම, තෙල්මිල ඉහළයාම, අධික නඩත්තු වියදම්, සාම්ප්රදායික පෙනුම වගේ දේවල් නිසා ගොඩක් මෝටර් රථ ලෝලීන් තමන්ගේ වාහන ලැයිස්තු වලින් මස්ල් කාර් හලන්න පටන් අරගන්නවා...
ඉතින් නව ප්රවනතාවයන්ට හැඩ ගැහෙන පුලුවන් උන කම්පැනි ඉල්ලුමට සැපයුම දීගෙන මාකට් එක අල්ලගෙන හිටියා...
උදා - කෝවට් , කමාරෝ , මස්ටෑන්ග් වගේ පෝනි කාර්
1990 දශකයේ මැද භාගය වන විට මස්ල් කාර් වලට උනන්දුව ආපහු ටිකෙන් ටික වැඩි වෙන්න පටන් ගන්නව... .
ඒ නිසා ඩොජ් චැලේන්ජර් , ඩොජ් චාජර් , chevrolet කමාරෝ , ශෙල්බි GT වගේ මෝටර් රථ ආපහු ජනප්රිය වෙන්න ගන්නව...
ඉතින් දැන් අලුතෙන් එන මසල් කාර් වලට වඩා පරන මසල් කාර් වල පට්ට පෙනුමක් තියනව කියල අපි හැමෝම දන්න දෙයක්..
( අපිට ආපහු අතීතෙට යන්න වෙනව මචන් 😋 )
පෙනුම කොහොම වෙතත් එක දෙයක් විශ්වාසයි මසල් කාර් දිනෙන් දිනම දියුනු වෙනව...මේ පරම්පරාවෙන් තව පරම්පරා ගානකට ඉදිරියට යාවි..ඒ හැම පරම්පරාවකම මේ වගේ හැම කෙනාගෙම හදවත් වල ඉදිවී එදා වගේම....
( ඔන්න එහෙනම් මට පුලුවන් විදියට මස්ල් කාර් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරා...මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසා සමහර විට ලිපිය නිරස වෙන්න ඇති ..කොරන්න දෙයක් නෑ පුලුවන් විදියට බලන්න 😁😁😁 )
මසල් කාර් ගැන පිටු ගානක් ලියන්න පුලුවන් ..ඒත් ගොඩක් අය කියවන්න අකමැති නිසා කෙටියෙන් ලියල දැම්මා...
ඔයාල දන්න විශේශ කරුනු එහෙම නැත්නම් අඩු පාඩු තියන්ව නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අනිත් අයටත් බලන්න ...

No comments:

Post a Comment

Post Bottom Ad