මෙරට ක්‍රිකට් ක්‍රිඩාවේ සහ ක්‍රිඩකයින්ගේ දියුණුව වෙනුවෙන් නව කොන්ත්‍රාත් ක්‍රමවේදය සකස්කර ඇතැයි ක්‍රිකට් තාක්ෂණික කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා අවධාරණය කරයි. ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ පහලින්ම සිටින බැවින් ක්‍රිකට් ක්‍රිඩාව ඉහලට එසවීම අරමුණින් නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත. ඊට ඇතැම් පිරිස් විරුද්ධවීම අසාධාරණ බවද ඔහු පැවසීය. ඉදිරි ලෝක කුසලාන තරගාවලි දෙක සදහා ශක්තිමත් තරුණ කණ්ඩායමක් සකස්කර ගැනීම අත්‍යවශ්‍යය. එබැවින් ක්‍රිඩකයන්ට වැටුප් හා දීමනා තීරණය කිරීමේදී විශේෂ සැලකිල්ලක් නොදක්වන බවද ඔහු සදහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රි එංගලන්තය බලා පිටත්ව යයි. දෙරට අතර විස්සයි විස්ස තරග 3 ක් සහ එක්දින තරග 3 ක් පැවැත්වේ. ඉදිරි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙන මෙම තරගාවලියේ සුපර් ලීග් තරග පැවැත්වීමට නියමිතයි. පලමු පන්දුවාර විස්සයි විස්ස තරග කාඩිග්හිදි ලබන 23 වැනිදා ඇරඹෙයි. දෙවන තරගය 24 වැනිදා සහ තුන්වන තරගය 28 වැනිදා පැවැතවේ. දෙරට අතර ප්‍රථම එක්දින තරගය ආරම්භ වන්නේලබන 29 වැනිදායි.

No comments:
Post a Comment