ඇත්තටම අපි පුංචි කාලේ අපේ අම්මලා තාත්තලා, ආච්චිලා සීයලා අපිව එක්කගෙන අපිට බෙහෙත් ගේන්න ගියේ හරිම කලාතුරකින්. බරපතලම ලෙඩකදි හැරෙන්න උණකට, හෙම්බරිස්සාවකට, සෙම් අමාරුවකට, බඩේ අජීර්ණයකට, හිසේ අමාරුවකට ඒ කාලේ වෛද්යවරු හොයාගෙන ගියේ නෑ. ඒ ලෙඩ වලට අපේ අම්මලා තාත්තලා ගෙදරදීම වෙද හෙදකම් කලා. ලෙඩක් උත්සන්න වෙන්න කලින් එය පාලනය කර ගැනීමට, සුවකර ගැනීමට එදිනෙදා අවශ්ය වන අත්බෙහෙත්, තෙල් බෙහෙත් වර්ග සියල්ලම ගැන අපේ අතීත පරම්පරාව ඉතා හොඳට දැනගෙන හිටියා.
නමුත් නූතන පරපුරට නම් මේ තෙල් බෙහෙත්, අත්බෙහෙත් වර්ග සැකසීම ගැන එතරම් දැනුමක් නැහැ. ඒ නිසා සුළු රෝගයකට පවා නිවසේදීම සකසාගත හැකි, භාවිතා කල හැකි අත් බෙහෙත් වර්ග දැන ගෙන සිටීම අපිට හැමදාටම හරිම වටිනවා. ඒනිසයි නිවසක අනිවාර්යයයෙන්ම තිබිය යුතු ඔබේ ආයුර්වේද ප්රථමාධාර කට්ටලයට එකතු කර ගතයුතු දේශීය ආයුර්වේද ඖෂධ වර්ග ගැන අද ඔබව දැනුවත් කිරීමට අපි අදහස් කලේ.
•••••••••••••••••••••••••••••••••••••
•••••••••••••••••••••••••••••••••••••
• නිතර නිතර බඩ බුරුලට මලපහ වීම
• වමනය
• අතීසාරය යනාදී ලබා දිය හැකිය.
භාවිතය :-
දෙහි ඉස්ම සමඟ දිය කර කොත්තමල්ලි ඇටයක ප්රමාණයක සිට තේ හැඳි 01 - 04 දක්වා උදේ සවස
•••••••••••••••••••••••••••••
•••••••••••••••••••••••••••••
• බඩ පිපුම
• උදරයේ වේදනාව
• උදරයේ දැවිල්ල
• කැසීම් හා පලු දැමීම් ආදිය සඳහා යෝග්ය වේ.
භාවිතය :-
පෙති 01 බැගින් කෑමට පෙර උදෑසන, දහවල් සහ රාත්රී ගන්න.
ආහාර විෂ වීම් නිසා ඇති වන කැසීම් හා පලු දැමීම සඳහා පෙති 02 බැගින් ගන්න.
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
• ළදරු උණ
• ළදරු කැස්ස
• ළදරු සෙම්ප්රතිශ්යාව
• කැසීම් හා පලු දැමීම් ආදී රෝග සඳහා යෝග්යයි.
භාවිතය :-
ළදරු උණ සඳහා කොත්තමල්ලි ඇටයක ප්රමාණයක් ගෙන කබලේ බැදගත් කොත්තමල්ලි තැම්බූ වතුරින් දිනකට තුන් වරක් ලබා දෙන්න.
ළදරු කැස්ස හා සෙම්ප්රතිශ්යාව සඳහා කොත්තමල්ලි ඇටයක ප්රමාණයක් කබලේ බැද ගත් කොත්තමල්ලි තැම්බූ වතුරින් හෝ මවි කිරි සමඟ ලබා දෙන්න.
සමෙහි කැසීම් හා පලු දැමීම් සඳහා කොත්තමල්ලි ඇට දෙකක පමණ ප්රමාණයක් පොකුරු වද මල් තැම්බූ වතුරින් ලබා දෙන්න.
•••••••••••••••••••••••••••••••
•••••••••••••••••••••••••••••••
• කැස්ස
• සෙම්ප්රතිශ්යාව
භාවිතය :-
කැස්ස, සෙම්ප්රතිශ්යාව සඳහා තේ හැඳි 01 - 02ක් මී පැණි සමඟ හෝ උණුවතුර මේස හැඳි 02 කට දමා තැම්බෙන්නට තබා පානය කරන්න.
•••••••••••••••••••••••••••••••
•••••••••••••••••••••••••••••••
• උණ
භාවිතය :-
උණ සඳහා ත්රිපලා චූර්ණය තේ හැඳි 01කට උණු වතුර මේස හැඳි 02ක් දමා තැම්බෙන්න තබා පානය කරන්න.
••••••••••••••••••••••••••••
••••••••••••••••••••••••••••
• දැඩි අව්වේ ගමන් කිරීමෙන් ඇති වූ හිසරදය
• සෙම රහිත හිසරදය
••••••••••••••••••••••••••••••••••••••
••••••••••••••••••••••••••••••••••••••
• සෙම සහිත හිසරදය
• ඉදිමුම සහිත අස්ථි සන්ධි වේදනා
• කොඳු ඇට පෙළ ආශ්රිත වේදනා
•••••••••••••••••••••••••••••
•••••••••••••••••••••••••••••
• වැටීමකදී ඇති වුන තැල්මන් සඳහා
• මාංශ පේශී ඇදීම්
• උළුක්කුව
• මස් පිඬු පෙරලීම ආදිය සඳහා
••••••••••••••••••••••••••••••••••
••••••••••••••••••••••••••••••••••
• වැටීමකදී තුවාල සිදු වූ විට
• තියුණු ආයුධයකට කැපී ලේ ගැලීමකදී
••••••••••••••••••••••••••••••••••••••
••••••••••••••••••••••••••••••••••••••
• කඩියකු දෂ්ඨ කල විට ඇති වන ඉදිමුමකදී
• දළඹුවකු ගෑවුන විට ඇතිවන පලු නැඟීම් වලදී
• කෘමීන් දෂ්ඨ කර පලු නැගීමකදී හෝ ඉදිමුම් ඇති විට
••••••••••••••••••••••••••••••••••••••••••
••••••••••••••••••••••••••••••••••••••••••
• සෙම් ගෙඩි වලට
• අධික කැස්සට
භාවිතය :-
සෙම් ගෙඩි ඇතිවී කෙල ගිලීම අපහසු වූ විට උගුරේ පිටතින් බෙල්ලෙහි ආලේප කරන්න.
කැස්ස අධිකව ඇති විට පපුවේ හා උගුරේ ආලේප කරන්න.
•••••••••••••••••••••••••••••••
•••••••••••••••••••••••••••••••
• ඉදිමුම් වලට
•••••••••••••••••••••••••••
•••••••••••••••••••••••••••
• වැටීම්, වැදීම් වලදී
වැටීමකින් පසු වැදීමකදී (හිස පපුව ප්රදේශය) ඒ විගසින්ම මී පැණි තේ හැඳි 02ක් පානයට ලබා දෙන්න.
නිවසක සිටින බොහෝ දෙනා පීඩාවට පත් වන්නේ සෙම්ප්රතිශ්යාව, උණ, කැස්ස ආදී ලෙඩ රෝග නිසාවෙනි. ඒ නිසා මෙම මේ අත් බෙහෙත් ඔබට බෙහෙවින්ම ප්රයෝජනවත් වනු ඇත.
============================
අමු ඉඟුරු, කොත්තමල්ලි, පත්පාඩගම්, කටුවැල්බටු, දේවදාර කළං 02යි මදටිය 08 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ සහිඳ ලූණු අනුපානය කොට උදේ සවස පත 1/2 බැගින් බොන්න. (වඩි 03ක් පමණ)
===============================
තිප්පිලි කළං 01 යි, අමු ඉඟුරු කළං 02 යි, බැදපු කොත්තමල්ලි කළං 03 යි, වතුර පත අට හතරට සිඳුවා වී පොරි කළං 06 ක් දමා පත එකට සිඳුවා සහිඳ ලුණු කළඳක් දමා උදේ හිස්බඩ එකවර පතම බොන්න.
=====================
අමු ඉඟුරු, කටුවැල්බටු, තිප්පිලි, සුවඳකොට්ටන් කළං 03 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ උදේ සවස සීනි දමා වඩි කීපයක් බොන්න.
=================
සිරිතේක්කු, අමු ඉඟුරු කළං 06 බැගින් ගෙන වතුර පත අට එකට සිඳුවා පත 1/2 බැගින් සූකිරි අනුපානය කොට උදේ සවස වඩි 04ක් බොන්න.
==================
නිල් කටරොළු මුල්, මුරුංගා පොතු, සිවිය, නික මුල් සමව ගෙන තම්බා මී පැණි දමා උදේ සවස බොන්න.
මුරුංගා මුල්, ඇඹුල් දොඩම් යුෂින් ගලගා හක්කේ තියා සෙම අරින්න.
ගම්මිරිස් කුඩු, දිය ලුණු වතුරට දමා උගුර සෝදන්න. (සෙම්ගෙඩි නිතර සෑදේ නම් හොඳ නැත. භයානක රෝග ඇතිවිය හැකි බැවින් වෛද්යවරයෙකු හමුවන්න.)
=========================
රසකිඳ, කටුවැල්බටු, අමු ඉඟුරු, කලාඳුරු අල, සුවඳ කොට්ටං කළං 02 යි මදටිය 08 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් වඩි 4 ක් පමණ බොන්න.
============
කටුවැල්බටු මුල්, පොල්පලා මුල්, එළබටු මුල් සහ රසකිඳ කළං 02 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ වී පොරි කළං 04 ක් දමා එකට සිඳ උදේ සවස පත 1/2 බැගින් මී පැණි දමා බොන්න.
වැල්මී, මුද්දරප්පලම්, තල් සූකිරි සමව ගෙන තම්බා ටික ටික බොන්න.
==================
ආඩතෝඩා මුල්, රසකිඳ, කටුවැල් බටු කළං 03 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ පත 1/2 බැගින් තිප්පිලි කුඩු දමා උදේ සවස බොන්න.
(මෙහි පතක් යනු වතුර තේ කෝප්පයක ප්රමාණයයි. පත අට එකට සිඳුවා යන්නෙන් අදහස් කරන්නේ කෝප්ප අටක් වතුර දමා එය කෝප්ප එකක් වන තුරු සිඳවා ගැනීමයි.)
===================
ඔසප් දින ආරම්බයට දින 3කට පමණ සිට තැම්බු කොත්තමල්ලි පානය කරන්න.
ඔසප් දින වලදී සූදුරු තම්බා පානය කරන්න.
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
01). සුළු ආබාධ සඳහා වන ප්රථමාධාර නැතහොත් අත්බෙහෙත් දැන සිටීමෙන් මුදල් සහ කාලය විශාල ලෙස වැය කිරීමකින් තොරව ප්රතිකාර කර ගත හැකියි.
02). වෛද්යවරයකු වෙත රෝගියා යොමු කරන තෙක් රෝගය පාලනය කරගැනීමට හැකියාව ලැබෙයි.
03). රෝගයක මුල් අවස්ථාවේදීම සුළු ප්රතිකාරයක් කිරීමෙන් ඉක්මන් සුවයක් ලබා ගත හැකි වන අතර එම රෝගය උත්සන්න වීමට ඉඩ නොදී යම් තාක් දුරට පාලනය කරගැනීමට හැකියි.
04). ස්වභාවික දාව්ය උපයෝගී කර ගන්නා නිසා අතුරු ආබාධ ඇති නොවේ.
05). සෞඛ්ය සේවා සඳහා රජයට දැරීමට සිදුවන මුදල් ප්රමාණය අවම කර ගැනීමට හැකියාව ලැබීම සහ රෝහල් වල තදබදය යම්තාක් දුරකට අඩු වීම ජාතික මට්ටමින් ඇති වාසි සහගත තත්වයන් වේ.
06). සුළු රෝගාබාධ සඳහා ඖෂධ නිකුත් කිරීම අවම වීම තුලින් ඖෂධ වැය වීම අඩුවෙයි.

No comments:
Post a Comment