ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙලේ ඇතැම් කටයුතු ජී පී එස් අධීක්ෂණයට භාජනය වන බව සංවිධායක කමිටුවේ ප්‍රධානී ටොෂිරෝ මුටෝ පවසයි. ජාත්‍යන්තර මාධ්‍ය සාමාජිකයන් ද එම අධීක්ෂණයට යටත්ය.
පවතින කොවිඩ් තත්ත්වය නිසා මෙම තාක්ෂණය යොදා ගන්නා අතර එය තරග ඉසව් පැවැත්වෙන ස්ථාන සදහා යොදා නොගැනේ. මේ වනවිට ඩෙල්ටා කොරෝනා වයිරසය පැතිරෙන ඇතැම් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා උලෙල නියෝජනය කිරීමට නොහැකි වුවහොත් එය කණගාටුවට කරුණකි.
ගෙවුනු සති කිහිපයේ දී ජපානය කොවිඩ් පාලන දැඩි නීති හදුන්වා දුන්නේය. ඒවා ක්‍රිඩා උලෙලට බලපෑමක් සිදු නොකරනු ඇතැයි මුටෝ කීවේය. බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන අය දින 6 ක් නිරෝධායනය කිරීමටද තීරණය කර තිබෙ. කෙසේ වුවත් බ්‍රිතාන්‍ය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නියමිත දින 3 ට වඩා නිරෝධායනය කිරීම පිළිගත නොහැකි බව බ්‍රිතාන්‍ය මලලක්‍රීඩා සංගමය කියයි.
===
ශ්‍රීී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අමිල් අපොන්සු මින් ඉදිරියට ශ්‍රිී ලංකාව නියෝජනය නොකරන බව වාර්තා වෙයි. ඔහු ඇමරිකාවේ ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියට එක්වීම සදහා ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතයි. ඉදිරියේ දී ඇමරිකානු කණ්ඩායම නියෝජනය කිරීම ද ඔහුගේ අපේක්ෂාවයි.

No comments:
Post a Comment