ස්පාඤ්ඤ සමාජ ජාල තරුව: සිනහව ඉතිරි කර ඔහු නිහඬ වෙයි - Leonz E News

Leonz E News

Srilanka E News & All In One Web Page

aaa

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Thursday, June 10, 2021

ස්පාඤ්ඤ සමාජ ජාල තරුව: සිනහව ඉතිරි කර ඔහු නිහඬ වෙයි


Screenshot showing Juan Joya Borja laughing uncontrollably

ඡායාරූප මූලාශ්‍රය,CANAL SUR TV

ඡායාරූප ශීර්ෂ වැකිය,

රූපවාහිනී වැඩසටහනක් අතරතුර ඔහු සිනහා වන අයුරු දැක්වෙන දර්ශනය ලොව පුරා මිලියන ගණනක් විසින් නරඹනු ලැබ තිබේ

සිය සිනහව නිසා ලොව පුරා ජනප්‍රියත්වයට පත් ස්පාඤ්ඤ ප්‍රහසන ශිල්පී හුවාන් හොයියා බෝර්හා (Juan Joya Borja) දිවියෙන් සමුගෙන තිබේ.

මිය යන විට ඔහු 65 වෙනි වියේ පසු විය.

බෝර්හා අන්තර්ජාලය හරහා ජනප්‍රියත්වයට පත් වූයේ 2014 වසරේදීය.

ඒ එරට ජාතික රූපවාහිනී වැඩසටහනක් අතරතුර ඔහු සිනහා වන අයුරු දැක්වෙන දර්ශන පෙළකට හඬ කැවීම් හෝ උපසිරැසි එක් කිරීමට ඇතැමුන් කටයුතු කිරීමත් සමගය.

සමාජ ජාල තුළ උපහාසය හෝ හුදු විනෝදය පිණිස පළ කෙරෙන වීඩියෝ සහ ඡායාරූප (Meme) අතර ඔහුගේ රුව සුලභ විය. ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල විවිධ භාෂාවන්ගෙන් ඔහුගේ රුව සහිත 'Meme' දැකිය හැක.

බදාදා (අප්‍රේල් 28), රෝහලේදී ඔහු මිය ගිය බව මාධ්‍ය වාර්තා කරයි.

සෞඛ්‍ය හේතු මත බෝර්හා පසුගිය වසරේදී රෝහල් ගත කරනු ලැබ තිබිණි.

ඔහුගේ එක් පාදයක් කපා ඉවත් කිරීමෙන් පසු, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් නිෂ්පාදිත 'ඉලෙක්ට්‍රොනික ස්කූටරයක්' මිලට ගැනීම සඳහා අරමුදල් එකතු කිරීමේ වැඩසටහනක් දියත් කිරීම පිළිබඳ මාර්තු මසදී ඔහු තම රසිකයින්ට සිය ස්තූතිය පළ කර තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad