බොහෝ දෙනා ගෙන් අපට නිතරම ඇසෙන මැසිවිල්ලක් තමයි "ඇඟට මහන්සියි" කියන දේ. වැඩක නිරත නොවුවත් ඔබට නිතරම මහන්සිය ඇතිවෙනවා නම් ඒ ගැන අවධානය යොමු කළ යුතුයි. නව්ය වෛද්ය විද්යාවේ දී මේ තත්ත්වය හඳුන්වන්නේ Fatigue ලෙසින්. ආයුර්වේද වෛද්ය විද්යාවේදී මෙය "ක්ලම" තත්වය වශයෙන් හඳුන්වා තිබෙනවා
නව්ය වෛද්ය විද්යානුකූලව නම් මහන්සිය රෝගයක් නොව රෝග ලක්ෂණයක් වශයෙන් හඳුනාගන්නා අතර රක්තහීනතාවය, දියවැඩියාව, ශ්වසන රෝග, අක්මා රෝග , මන්දපෝෂණ තත්ත්ව, හෘද රෝග ආදී බොහෝ රෝග වල රෝග ලක්ෂණයක් වශයෙන් මහන්සිය ඇති වන්නට පුළුවන් බව දක්වා තිබෙනවා.
කෙනෙක් තමන්ට මහන්සි කියා කම්මැලි කමටත් කියන්නට පුළුවන්. ඉතින් අපිට ඇත්තටම තියෙන්නේ මහන්සිය ද එහෙම නැත්නම් කම්මැලිකම ද කියලා මුලින්ම දැනගත යුතුයි .වෙහෙසකර ගතිය ඇති වුනේ මානසික කාරණාවක් නිසා නම් වෙහෙසට වඩා කම්මැලි ගතිය දැනීම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම කිසියම් කාර්යයක් කිරීමේ දී ඇතිවන කම්මැලි බව දවස පුරාම තියෙන්න ත පුළුවන්. වෙහෙස ඇතිවන්නේ බොහෝවිට දවස අවසානයේදී. ආයුර්වේද සිද්ධාන්ත වලට අනුව නම් වෙහෙස මහන්සිය සඳහා වාත දෝෂය ප්රධානවම බලපාන අතර කම්මැලි බවට සෙම දෝෂය බලපනවා. විවේකයෙන් වෙහෙස අඩු වන අතර කම්මැලි බව නම් විවේක ගැනීමෙන් තවත් වැඩි වෙනවා.
උදා :- Chemotherapy
රැකියාව නිසා, තමා අවට පරිසරය කරදරකාරී බව හැඟෙන විට, බිය, මානසික ආතතිය, ධෛර්යය අඩුකම, ආත්ම විශ්වාසය නැති කම තමන්ගේ රැකියාව, අධ්යාපනය, පෙනුම ආදී කරුණු නිසා ඇතිවෙන හීනමානය ආදී මානසික හේතු නිසා.
ආයුර්වේදයට අනුව නම් වෙහෙස හෙවත් "ක්ලම" තත්වය සඳහා අජීර්ණ ඒ වගේම ආහාර අවශෝෂණයේ දී සිදුවන ධාතු පෝෂණ ක්රියාවලියේ අඩුපාඩුකම් හේතු වන්නට පුළුවන්. මෙහිදී ආහාර ඉතා දිගු වේලාවක් ආමාශය හා අන්ත්රවල තිබීමෙන් අභිෂ්යන්ද/ ඇලෙන සුළු/ නොදිරවන තත්ත්වයක් ඇති වීමෙන් ආහාර අවශෝෂණයේ අඩුපාඩුකම් ඇති වෙනවා. මෙහිදී ඉතා සියුම් ස්රෝතස් හෙවත් පටක වල අවහිරතා ඇතිවන බව ආයුර්වේදයේ දක්වා තිබෙනවා. එහි ප්රතිඵලයක් ලෙස වෙහෙස හෙවත් ක්ලම තත්වය ඇතිවන බවයි දක්වා තිබෙන්නේ. මේ තත්ත්වයට ප්රධාන වන්නේ තමස හෙවත් සෙම් දෝෂය වැඩිවීම යි.
• කම්මැලිකම
• යමක් ආරම්භ කිරීමට ඇති මැලිකම
• නිදිමත
• උද්යෝගය නැති වීම
• ඈනුම් යාම
වැනි ලක්ෂණ බොහෝවිට තෙහෙට්ටුව නිසා ඇතිවන්න පුළුවන් .
"ක්ලම" තත්වය ආයුර්වේදයේ දී ආහාර ජීර්ණය හා පෝෂණ ක්රියාවලියේ දුර්වලතාවක් නිසා හට ගන්නා තත්වයක් ලෙස සලකා ඇති බැවින් ආහාරය හොඳින් පැසවීමට සහ අග්නි දීපනය කරවීමට එනම් කුසගිනි වැඩීමට ඖෂධ ලබා දෙනවා. දීර්ඝ කාලීනව පවතින තත්වයේදී රසායන චිකිත්සාව සිදු කරනවා.
උදා:- ගම්මිරිස්, තිප්පිලි, වියළි ඉඟුරු, බැබිල, රසකිඳ
• සැහැල්ලුවෙන් සිටීම
• ව්යායාම වල යෙදීම
• සංගීතයට සවන්දීම
• සමාජ සේවා කටයුතුවල යෙදීම
• ආගමානුකූල කටයුතුවල යෙදීම
• මඳ උණුසුම් ජලය, ඖෂධීය පාන වර්ග, ඇඹුල් රසැති ආහාර පාන ගැනීම.
වැනි දෑ ඔබේ ශරීරයේ තෙහෙට්ටුව, වෙහෙස සහ කම්මැලි බව දුරු කරනවා ඇති.
👩⚕ සටහන :- වෛද්ය ප්රභාෂි වීරසිංහ
𝗕𝗔𝗠𝗦 (කොළඹ විශ්වවිද්යාලය)
𝗠𝗔 (බෞද්ධ උපදේශනය)
𝐒𝐋𝐀𝐌𝐂 𝟏𝟓𝟐𝟎𝟒

No comments:
Post a Comment