24 මැයි 2021
ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES
කොරෝනාවෛරසයේ නව ඉන්දීය ප්‍රභේදයට එරෙහිව ෆයිසර් (Pfizer) සහ ඔක්ස්ෆර්ඩ් (AstraZeneca) යන එන්නත් දෙවර්ගය ඉතා ඉහළ ඵලදායීතාවක් පෙන්නුම් කරන බව නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබේ. නමුත් ඒ සඳහා එන්නත් මාත්‍රා දෙකම සම්පුර්ණ කර තිබිය යුතු බව අවධාරණය කෙරේ.
මෙම අධ්‍යයනයෙන් පෙනී ගොස් ඇත්තේ මෙම එන්නත් දෙවර්ගයේ මාත්‍රා දෙකම ලබා දුන් විට, කෙන්ට් ප්‍රභේදයට එරෙහිව සලසන ආරක්ෂාවට සමාන මට්ටමේ ආරක්ෂාවක් ඉන්දීය ප්‍රභේදයට එරෙහිව ද සලසන බවය.
කෙසේ නමුත් පළමු මාත්‍රාව ලබා දී සති තුනකට පසුව Pfizer සහ AstraZeneca එන්නත් ඉන්දීය ප්‍රභේදයට එරෙහිව දැක්වූ ඵලදායිතාව 33%ක් පමණි.
පළමු මාත්‍රාවෙන් සති තුනකට පසුව කෙන්ට් ප්‍රභේදයට එරෙහිව ඵලදායිතාව 50%ක් බව සනාථ වී තිබුණි.
ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES
මෙම අධ්‍යයනය සිදු කරනු ලැබ ඇත්තේ එංගලන්තයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසිනි. ඔවුන් පවසන්නේ කොවිඩ් 19ට එරෙහි එන්නත් මගින් ආසාදිතයන් රෝහල්ගතවීම හා මරණයට පත්වීම අවම කිරීම සඳහා වඩාත් ඵලදායී වී ඇති බවය.
Moderna එන්නත ද එක්සත් රාජධානියේ ජනතාවට ලබා දී ඇති නමුත් එය ලබා දී ඇති සංඛ්‍යාව සාපේක්ෂව ඉතා අඩුය. එබැවින් එම එන්නත මෙම අධ්‍යයනයට ඇතුළත් කර නොමැත.
වෙනසට හේතුව?
ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES
Pfizer එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දී දෙසතියකට පසුව වෛරසයේ ඉන්දීය ප්‍රභේදයට එරෙහිව 88%ක ඵලදායීතාවක් පෙන්නුම් කර ඇත.
ඔක්ස්ෆර්ඩ් (AstraZeneca) එන්නතේ දෙවැනි මාත්‍රාවෙන් දෙසතියකට පසුව ඉන්දීය ප්‍රභේදයට එරෙහිව 60%ක සහ කෙන්ට් ප්‍රභේදයට එරෙහිව 66%ක ඵලදායීතාවක් තහවුරු කර තිබේ.
ෆයිසර් එන්නතේ දෙවැනි මාත්‍රාව කලින් ලබා දීමට හැකිවීම මෙම එන්නත් දෙකෙහි ඵලදායීතාවේ වෙනසට හේතුවක් විය හැකි බව එංගලන්තයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
අනෙකුත් දත්තයන් ඔස්සේ පෙනී ගොස් ඇත්තේ AstraZeneca එන්නතේ පූර්ණ ඵලදායීතාව කරා ළඟාවීමට සාපේක්ෂව වැඩි කාලයක් ගතවන බවය.
ලක්ෂ තුනක් මරුට
ඡායාරූප මූලාශ්‍රය,EPA
මේ අතරතුර ඉන්දියාවෙන් වාර්තා වූයේ කොවිඩ් 19 වැළඳී ඉන්දියාවේ මියගිය සංඛ්‍යාව 300,000 ඉක්මවා ඇති බවය.
නමුත් වසංගතයට ගොදුරු වී ඉන්දියාව පුරා මිය ගිය සියලු දෙනා ලේඛනගත වී නොමැති හෙයින් මෙම නිල සංඛ්‍යාවට අතිශයින් වැඩි පිරිසක් මියගොස් ඇතිබව විශේෂඥයෝ පවසති.
ඉන්දියාවෙන් නිල වශයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ මුළු ප්‍රමාණය මිලියන 26කි. මෙය දෙවැනි වන්නේ එක්සත් ජනපදයට පමණි.
ඉන්දියාවෙන් වාර්තාවූ නිල මරණ සංඛ්‍යාව ද ලෝක ලැයිස්තුවේ තෙවැනි ස්ථානය ගනී. ඊට ඉහළින් සිටින්නේ එක්සත් ජනපදය සහ බ්‍රසීලය පමණි.
මාසයක් ඇතුළත මරණ ලක්‍ෂයක්
මෑතකදී ඉන්දියාවෙන් වාර්තා වූ මරණ 100,000 සිදු වී ඇත්තේ මසකටත් අඩු කාලසීමාවක් ඇතුළත ය.
ඉන්දියාවේ සිදුවන කොවිඩ් මරණ සංඛ්‍යාව ඉදිරියේ දී තවත් ඉහළ යා හැකි බවට ඇතැම් විශේෂඥයෝ මත පළ කරති.
ඡායාරූප මූලාශ්‍රය,REUTERS
මෙම මරණ පිළිබඳව ලැබෙන නිල දත්ත වාර්තා පිළිබඳව වෙනස් මත පළවන්නේ බොහෝ මරණ නිවෙස් තුළ සිදු වීමත් ඒ සියල්ල - විශේෂයෙන් ම ඈත පිටිසර පලාත්වල සිදුවන මරණ - ලේඛනගත නොවීමත් හේතුවෙනි.
* ඉන්දීය කොවිඩ් ප්‍රභේදය යනු කුමක් ද?
* ඔසප් චක්‍රයේ වෙනස්වීම් කොවිඩ් එන්නතේ අතුරු බලපෑමක් ද?
* "මගේ මහත්තයටත් කැස්ස තිබුණලු, දැන් කොහෙද ඉන්නේ කියලවත් දන්නේ නැහැ"
* කොවිඩ් එන්නත සම්පුර්ණ කළ අයටත් යළි ආසාදනය වන්නේ ඇයි?
මෝචරි තුළ
මෝචරි තුළ පවතින මළ සිරුරු ගණනය කරමින් වඩාත් නිවැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමට ඇතැම් මාධ්‍යවේදීන් කටයුතු කළ අතර එවැනි වාර්තා පාදක කොට ගනිමින් සැකසුණු ඇතැම් ලේඛන පෙන්වා දෙන්නේ සත්‍ය වශයෙන් ම ඉන්දියාවේ සිදුවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව මිලියනයක් පමණ විය හැකි බවය.
ඉන්දියාව පුරා සිදුවන එන්නත් වැඩසටහනේ ද එතරම් ප්‍රගතියක් දක්නට නොමැත.
http://dlvr.it/S1ZPlQ
Post Top Ad
Responsive Ads Here
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
First Of All :- You Don't Need To Turn Your Life On Its Head. Often Making Little Changes Will Make A Big Impact.
Second :- Start Teaching Yourself Again. A Lot Of People Act Like Just Because They're Out Of School They Can't Lean Anymore. Learning Doesn't Stop After College
No comments:
Post a Comment