ඊශ්‍රායල ගාසා ගැටුම්: 'අයන් ඩෝම්' මිසයිල ආරක්ෂණ පද්ධතිය ගැන මේ කරුණු දැන සිටියාද? - Leonz E News

Leonz E News

Srilanka E News & All In One Web Page

aaa

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Saturday, June 12, 2021

ඊශ්‍රායල ගාසා ගැටුම්: 'අයන් ඩෝම්' මිසයිල ආරක්ෂණ පද්ධතිය ගැන මේ කරුණු දැන සිටියාද?

 5 මැයි 2021 ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGESඡායාරූප ශීර්ෂ වැකිය, ගාසා හි හමාස් සහ සෙසු පලස්තීන සටන් කණ්ඩායම් මිසයිල වර්ග ගණනාවක් භාවිත කරති ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පැනනැගී ඇති නවතම ගැටුම් හමුවේ හමාස් සහ සෙසු පලස්තීන සටන් කණ්ඩායම් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර 1,500 වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇතැයි ඊශ්‍රායලය පවසයි. එහෙත් එම රොකට්වලින් බහුතරයක් 'අයන් ඩෝම්' හෙවත් යකඩ දොරටුව ලෙස හඳුන්වන ඊශ්‍රායල ආරක්ෂණ ආවරණය විසින් අතරමගදී බිඳ හෙලනු ලැබ ඇත. ඊශ්‍රායලයේ ජනාකීර්ණ පෙදෙස් වෙත ලඟා වීමට පෙර, තමා වෙත පැමිණෙන රොකට් ගුවන මැදදී විනාශ කර දැමීමේ 90% ක පමණ සාර්ථකත්වයක් 'අයන් ඩෝම්' පද්ධතිය සතු බව ඊශ්‍රායල බලධාරීහු පවසති. 'අයන් ඩෝම්' යනු ඊශ්‍රායලය තුළ ක්‍රියාත්මක වන විශාල මිසයිල ආරක්ෂණ පද්ධති ගණනාවකින් කොටසකි. ඒ සඳහා ඩොලර් බිලියන ගණනක් වැය කෙරේ. තමා වෙත පැමිණෙන රොකට් හඳුනා ගැනීමට එම පද්ධතිය රේඩාර් භාවිත කරන අතර ඒවා බිඳ හෙලීමට මිසයිල දෙකක් විදිනු ලබයි. එම තාක්ෂණයට ගොඩනැගිලි සහිත ප්‍රදේශ වෙත පැමිණිය හැකි සහ ඉලක්කය මග හැරුණු මිසයිල වෙන් වෙන්ව හඳුනා ගැනීමට හැකියාව ඇත. * ඊශ්‍රායලය ගාසා හි ප්‍රහාර තීව්‍ර කරයි * ඊශ්‍රායලයේ ගැටුම් මැද ශ්‍රී ලාංකිකයින්ගේ අත්දැකීම් * ලොව මවිත කළ ‘දින හයේ යුද්ධය’ -සැඟවුණු තොරතුරු නගර වෙත ලඟා වෙන රොකට් පමණක් එමගින් බිම හෙලන අතර ඒ හේතුවෙන් වැය වන මුදල අඩු කර ගැනීමට හැකි වීම තුලින් පද්ධතියේ පිරිවැය එලදායිතාව ඉතා ඉහලය. 'ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්' පුවත්පතට අනුව එක් රොකට් බිඳහෙලනයක් සඳහා වැය වන මුදල ඩොලර් 150,000 කි. එය වැඩිදියුණු කර ඇත්තේ කෙසේද? ඡායාරූප මූලාශ්‍රය,REUTERSඡායාරූප ශීර්ෂ වැකිය, සඳුදා රාත්‍රියේ සිට ගාසා තීරය වෙතින් දහසක ඉක්මවා රොකට් ප්‍රහාර එල්ල වූ බව ඊශ්‍රායලය පවසයි 'අයන් ඩෝම්' හි ඉතිහාසය 2006 වසරේ පැවති ඊශ්‍රායල හිස්බුල්ලා ගැටුම දක්වා දිව යයි. හිස්බුල්ලා යනු දකුණු දිග ලෙබනනයේ ක්‍රියාත්මක ඉස්ලාමීය කණ්ඩායමකි. හිස්බුල්ලා සටන්කරුවන් ඊශ්‍රායලය වෙත රොකට් දහස් ගණනක් එල්ල කළ අතර එමගින් විශාල හානියක් මෙන්ම ජීවිත ගණනාවක් අහිමි විය. ඉන් වසරකට පසු ඊශ්‍රායලය ප්‍රකාශ කලේ තම රජය යටතේ ක්‍රියාත්මක 'Rafael Advanced Defense Systems' ආයතනය විසින් අලුතින් මිසයිල ආරක්ෂණ පද්ධතියක් වැඩිදියුණු කරන බවයි. එම ව්‍යාපෘතිය සඳහා එක්සත් ජනපදයෙන් අතිරේක ඩොලර් මිලියන 200 ක මුදලක් ලැබිණි. වසර ගණනාවක පර්යේෂණ සහ වැඩිදියුණු කිරීම්වලින් අනතුරුව එම පද්ධතිය සටන් භූමියකදී පළමුව අත්හදා බලන ලද්දේ 2011 වසරේදීය. ඒ ඊශ්‍රායලයේ දකුණු දිග බීර්ෂීබා නගරය වෙත එල්ල වූ මිසයිලයක් එමගින් ව්‍යර්ථ කළ අවස්ථාවේදීය. 'අයන් ඩෝම්' හි දුබල තැන් තිබේද? ගාසා වෙතින් එල්ල වූ රොකට් ප්‍රහාරවලට හසුව මේ දක්වා දරුවන් දෙදෙනෙකු ඇතුළුව 07 දෙනෙකු මිය ගොස් ඇති බව ඊශ්‍රායල වෛද්‍යවරු පවසති. මේ අතර පලස්තීන සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි, ගාසා වෙත එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මිය ගිය ගණන 83 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතර ළමුන් 17 දෙනෙකුවත් සිටින බව ඔවුහු පවසති. ජීවිත හානි සිදු කළ හැකි ප්‍රහාර ගණනාවක් ව්‍යර්ථ කරමින් 'අයන් ඩෝම්' ඊශ්‍රායල වැසියන් ආරක්ෂා කර ඇති බවට සැකයක් නැතත් එය මිසයිල වලින් පූර්ණ ආරක්ෂාවක් ලබා දිය හැකි තිරයක් නොවේ. ගාසා වෙතින් එල්ල කෙරෙන රොකට්වලින් 90%ක් පමණ ව්‍යර්ථ කිරීමට හැකියාවක් පැවතීම, අනාගතයේදී වෙනස් සතුරෙකු ඉදිරියේදී වඩාත් අභියෝගයක් විය හැකි බව ඇතැම් විවේචකයෝ පවසති. ඉතාමත් කෙටි කාලයක් තුළ වැඩි වැඩියෙන් මිසයිල විදීමේ හැකියාවක් හිස්බුල්ලා සතු බව, 'ද ජෙරුසලම් පොස්ට්' හි බුද්ධි තොරතුරු පිළිබඳ සංස්කාරක යෝනා ජෙරමි බොබ් පවසයි. ඒ සියල්ලම ව්‍යර්ථ කිරීම 'අයන් ඩෝම්' වෙත අපහසු විය හැකි බව සංස්කාරකවරයා පෙන්වා දෙයි. ඡායාරූප මූලාශ්‍රය,REUTERSඡායාරූප ශීර්ෂ වැකිය, රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල හමුදා ගාසා වෙත ප්‍රහාර සිය ගණනක් එල්ල කර ඇත මෑත ගැටුම්වලට මැදි වූ ඊශ්‍රායල වාසීහු සිය ජීවිත බේරා දීම ගැන 'අයන් ඩෝම්' වෙත ස්තූතිවන්ත වෙති. එහෙත් ටෙල් අවිව් විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාඥයෙකු වන ආචාර්ය යොආව් ෆ්‍රොමර් කියා සිටියේ ඊශ්‍රායල බලධාරීන් මිසයිල ආරක්ෂණ ආවරණයමත විශ්වාසය තැබීම නිසා ඊශ්‍රායල පලස්තීන ගැටුම සඳහා දීර්ඝ කාලීන දේශපාලන විසඳුමකට ලඟා වීම එකතැන නතර වී ඇති බවය. "මෙහි ඇති උත්ප්‍රාසය නම්, 'අයන් ඩෝම්' හි කැපී පෙනෙන සාර්ථකත්වයේ අතුරු ඵලයක් වන්නේ එය විදේශ ප‍්‍රතිපත්ති අසාර්ථකත්වයට දායක වන ආකාරයයි. එය ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රචලිත වීමට හේතු වෙනවා." යනුවෙන් ඔහු බීබීසියට පැවසීය. "වසර ගණනාවකට පසුවත් අපි අවසානයක් නැති එකම ප්‍රචණ්ඩ චක්‍රයයේ තවමත් සිරවී සිටිනවා,"
http://dlvr.it/S1ZPdb

No comments:

Post a Comment

Post Bottom Ad