ලිලිබෙට්: රැජිනගේ සුරතල් නම හැරීගේ දියණියට තබන ලද්දේ අවසරයකින් තොරවද? - Leonz E News

Leonz E News

Srilanka E News & All In One Web Page

aaa

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Thursday, June 10, 2021

ලිලිබෙට්: රැජිනගේ සුරතල් නම හැරීගේ දියණියට තබන ලද්දේ අවසරයකින් තොරවද?

 9 ජූනි 2021

රැජින සහ හැරී

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය,

''ඇය මගේ සදා ප්‍රධානියා- එය එසේම වනු ඇත''- හැරී කුමරු රැජින සම්බන්ධයෙන් පවසා ඇත

සසෙක්ස් ආදිපාදවරයා සහ ආර්යාව ඔවුන්ගේ අලුත උපන් දියණිය 'ලිලිබෙට්' (Lilibet) යනුවෙන් නම් කිරීම සඳහා එලිසබත් රැජිනගෙන් අවසර ගෙන නැති බව බ්‍රිතාන්‍ය රජමාලිගයේ ආරංචි මාර්ගයකින් බීබීසියට දැනගැනීමට ලැබී ඇත.

සසෙක්ස් ආදිපාද යුවලට එක්වූ නව බිළිඳිය උපත ලැබීමට පෙර ඔවුන් රැජිනට කතාකර ඇතැයි එම නම් තබනු ලැබීම නිවේදනය කෙරෙද්දී පළවූ වාර්තා ඉහත කී ආරංචි මාර්ගය විසින් අභියෝගයට ලක්කරනු ලැබිණි.

එහෙත් සසෙක්ස් ආදිපාද පවුලේ ප්‍රකාශකයෙක් එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ''රැජිනගේ අවසරය ලැබුණේ නැත්නම් ආදිපාද යුවල එකී 'ලිලිබෙට්' නාමය තම දියණිය සඳහා තෝරා නොගනු ඇතැයි'' සඳහන් කළේය. තවදුරටත් අදහස් දැක්වූ එම ප්‍රකාශකයා සසෙක්ස් ආදිපාද හැරී කුමරු පළමුවෙන්ම කතා කළ රජ පවුලේ සාමාජිකයා රැජින බවත් කියාසිටියේය.

''සිය දියණියගේ නම නිවේදනය කිරීමට පෙර ආදිපාදවරයා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කතා කළා.ඇත්තෙන්ම ඔහු එසේ කතා කළ පවුලේ පළමු සාමාජිකයා මහ රැජිනයි'' සසෙක්ස් ආදිපාද පවුලේ ප්‍රකාශකයා පවසයි.

''එම සාකච්ඡාවේ දී රැජින ඇමතූ හැරී කුමරු තම දියණියට 'ලිලිබෙට්' කියන නම රැජිනට කරන ගෞරවයක් වශයෙන් තබන බව සඳහන් කළා. ඊට රැජිනගේ සහයෝගය පළ නොවුනා නම් ඔහු සිය දියණියට එම නම තෝරා නොගන්න ඉඩකඩ තිබුණා'' ඔහු පැහැදිළි කරයි.

'ලිලිබෙට්' යනු එලිසබත් රැජිනගේ පවුලේ සාමාජිකයන් විසින් ඇය ළදරු වියේදී අමතන ලද සුරතල් නාමයයි.

සසෙක්ස් ආදිපාද යුවල සහ රජපවුල අතර සම්බන්ධය පසුගිය මාස කීපයේ මාධ්‍යයට ප්‍රධාන සිරස්තලයක්ව පැවතුණි.

සිය දියණියගේ උපත බලාපොරොත්තුවෙන් සිටින අතරවාරයේ මේ වසර මුලදී හැරී සහ මේගන් ඇමෙරිකානු මාධ්‍යවේදිනී ඔප්රා වින්ෆ්රි (Oprah Winfrey)සමඟ පැවැත්වූ අතිශයින් මතභේදයට තුඩුදෙන සාකච්ඡාවක දී රජපවුල විවේචනයට ලක්කරමින් රාජකීය කුටුම්භය අභ්‍යන්තරයේ පවතින 'වර්ගවාදී ආකල්ප'' ගැනත් සඳහන් කළහ.

තමා සහ තම පියාණන් වන චාර්ල්ස් කුමරා අතර සම්බන්ධයේ දුෂ්කරතා ගැන හැරී කුමරු සඳහන් කළත් ඔහු කියාසිටියේ ''රැජින සහ තමා අතර ඉතා යහපත් සම්බන්ධයක් පවතින අතර, තමා සිය මිත්තණිය සමඟ නිරන්තරයෙන් ම වීඩියෝ තාක්ෂණය ඔස්සේ අදහස් හුවමාරු කරගන්නා'' බවය.

සසෙක්ස් ආදිපාද යුවල පසුගිය සති අන්තයේ සිය දියණිය සඳහා තෝරාගන්නා ලද සම්පූර්ණ නම 'ලිලිබෙට් ඩයනා මවුන්ට්බැට්න්-වින්ඩ්සර්'(Lilibet "Lili" Diana Mountbatten-Windsor)යන්න විය.

'ලිලිබෙට්' යනු එලිසබත් රැජිනගේ පෞද්ගලික ජීවිතය සමඟ දැඩි සම්බන්ධයක් සහිත නමකි.

හැරී කුමරු 'ලිලිබෙට්' යන කොටස තම මිත්තණිය වන රැජින සඳහාත් 'ඩයනා' යන කොටස සිය මව සඳහාත් කෙරෙන උපහාර වශයෙන් තෝරාගන්නා ලද බව ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත.

'ලිලිබෙට්' යන නම රැජින කුඩා අවධියේ දී පවුලේ සාමාජිකයන් විසින් සුරතලට භාවිත කරන ලද්දේ ඇයට සිය එලිසබත් යන නම හරිහැටි උච්ඡාරණය කිරීමට නොහැකි වූ හෙයිනි.

එබැවින් රැජිනගේ මුත්තා වූ පස්වෙනි ජෝර්ජ් රජතුමා සිය මිණිපිරිය අමතා තිබෙන්නේ 'ලිලිබෙට්' යනුවෙනි. එය කුඩා එලිසබත් කුමරිය සිය නම උච්ඡාරණය කළ විලාසය අනුකරණයකි. අනතුරුව එය පවුලේ සමීප නෑයන් අතර ව්‍යවහාර කෙරෙන්නට විය.

කුඩා එලිසබත් මුත්තනුවන් සමග

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය,

රැජින(ලිලිබෙට්) සිය මුත්තා සහ මිත්තනිය සමඟ. 1932 වසරේ ඡායාරූපයකි. පස්වෙනි ජෝර්ජ් රජතුමා සිය මිණිබිරිය අමතා තිබෙන්නේ 'ලිලිබෙට්' යනුවෙනි.

තම සමීප මිතුරකුව සිටි අර්ල් මවුන්ට්බැට්න් මියගිය මොහොතේ කුඩා එලිසබත් එම අවමඟුල් ශෝක ප්‍රකාශයෙහි සිය නම සටහන් කර තිබුණේ 'ලිලිබට්' යනුවෙනි.

එපමණක් නොවේ. රැජිනගේ සැමියා වූ ෆිලිප් කුමරා ද තම බිරිඳ අමතා තිබෙන්නේ 'ලිලිබෙට්' යනුවෙනි.

සිය දියණිය වන ලිලිබෙට් උපත ලැබීමෙන් පසු හැරී සහ මේගන් එම නම තෝරා ගැනීම ගැන රැජින සමඟ කතා කළ බවට බොහෝ දෙනා අතර අනුමාන පළවෙමින් තිබුණි.

හැරී කුමරා තම මිත්තණියගේ අවසර ඉල්ලා ඇති බව අවධාරණය කෙරෙන අදහස් ආදිපාද යුවළගේ මිතුරන් උපුටා දක්වන පුවත්පත් වාර්තාවන්හි අන්තර්ගත විය..

දියණියගේ නම සම්බන්ධයෙන් හැරී කුමරු රජිනට දැනුම්දුන් බව 'ද ටෛම්ස් පුවත්පත පවා වාර්තා කළේය.

සසෙක්ස් ආදිපාද යුවලට සමීප ආරංචිමාර්ග බීබීසියට ප්‍රකාශකළේ සිය දියණිය උපත ලැබීමට පෙරම හැරී කුමරු රැජිනට කතාකර ඇති අතර 'ලිලිබෙට්'නම ගැනත් එම අවස්ථාවේ දී සඳහන් කරන්නට ඇති බවය.

'ලිලිබෙට්', රැජිනගේ එකොළොස් වෙනි මී මිනිබිරිය වන්නීය. එසේම ඇය හැරී කුමරුගේ පුත් දෙහැවිරිදි ආර්චි ගේ ( Archie) සහෝදරියයි.

හැරී කුමරුන් මෙන්ම ඔහුගේ සොහොයුරු විලියම් කුමරාත් ඔහුගේ දියණිය සඳහා 'ඩයනා' සහ 'එලිසබත්' යන නම් එක්කරනු ලැබ ඇත.

හැරී මෙගන් ආචි සමග

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය,

හැරී සහ මේගන් තම පුත් ආර්චි සමඟ.එංගලන්තයේ දී සිය පළමු දරුවා ලැබීමෙන් අනතුරුව යුවල අත්ලාන්තික් තරණය කරමින් විදේශගත වූහ

කෙසේවුවද,හැරී කුමරා සහ මෙගන් ආදිපාදවරිය ඔවුන්ගේ දියණිය ලද මොහොතේ එම පුවත සම්බන්ධයෙන් රැජින සහ රජ පවුලේ සෙසු ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් සතුට ප්‍රකාශ කළ බව 'බකිංහැම්' මාලිගය විසින් නිවේදනය කරනු ලැබ තිබුණි.

පසුගිය මාර්තු මාසයේ ඔප්රා වින්ෆ්රි සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී සසෙක්ස් ආදිපාද යුවල අඟවා තිබුණේ දෙවැනි දරුවාගෙන් පසු තමන් තවත් දරුවන් සැලසුම් නොකරන බවකි.

No comments:

Post a Comment

Post Bottom Ad