පාරිභෝගික භාණ්ඩ මිල 'සීඝ්‍රයෙන් ඉහළ යාම' ගැන ජනතාවගෙන් මැසිවිලි - Leonz E News

Leonz E News

Srilanka E News & All In One Web Page

aaa

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Thursday, June 10, 2021

පාරිභෝගික භාණ්ඩ මිල 'සීඝ්‍රයෙන් ඉහළ යාම' ගැන ජනතාවගෙන් මැසිවිලි

 




විවිධ ආහාර නිෂ්පාදනවල මිල ගණන් ඉතා සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලගණන් සියයට දහයත් හැටත් අතර ප්‍රතිශතවලින් වැඩි වී ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති. ඒ අනුව සහල්, තිරිඟුපිටි, සීනි, කිරි, කෝපි, සෝයා බෝංචි හා මස් වර්ගවල මිල සියයට දහසයක සිට තිස් දෙක දක්වා ප්‍රමාණයකින් තොග මිල ගණන් ඉහළ ගොස් ඇති අතර ධාන්‍ය හා පලතුරු ඇසුරෙන් නිපදවන අතුරු නිෂ්පාදනවල මිල එයටත් වඩා ඉහළ ගොස් ඇත. කිරිපිටි, බටර්, සෝයා තෙල් සහ විවිධ ආහාර ද්‍රව්‍ය එවැනි නිෂ්පාදන අතර වෙයි.

''එළවළු ගණන් ගිහින්. දවස් දෙකකට කලින් තිබුණු තොග මිළ නෙමෙයි දැන්. රුපියල් 80ට 100ට තිබුණු තක්කාලි දැන් 150-200 වෙලා. 80ට 100ට තිබුණු ගෝවා 150යි. රුපියල් 100-120 තිබුණු අමු මිරිස් දැන් 200-250 වගේ ගණන් ගිහින්. නොහිතපු විදියට බඩු මිළ වැඩි වෙලා තියෙන්නේ. බෝංචි 30 වෙනිදා 100-120ට වගේ තිබුණේ. අද වෙනකොට බෝංචි 200-220ට ගිහිල්ලා. නිසි කළමනාකරණයක් නෑ. පැහැදිලි වැඩපිළිවලක් නෑ. ඒකයි හේතුව. ගොවියොත් මේ වෙලාවේ උපරිම ගාණට දෙන්නයි බලන්නේ. '' කළුතර එළවළු වෙළෙඳසලක හිමිකරුවෙකු වන නුවන් තරංග  පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad