කොරෝනා වෛරසය: 90%ක ආරක්ෂාව සලසන 'සන්ධිස්ථානයක්' වැනි එන්නතක් - Leonz E News

Leonz E News

Srilanka E News & All In One Web Page

aaa

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Thursday, June 10, 2021

කොරෝනා වෛරසය: 90%ක ආරක්ෂාව සලසන 'සන්ධිස්ථානයක්' වැනි එන්නතක්


එන්නත් කිරීම

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

90% ට වැඩි ප්‍රමාණයකින් පුද්ගලයින් කෝවිඩ්-19 වැළඳීමෙන් වැළැක්විය හැකි පළමු කොරෝනාවෛරස එන්නත බිහිවී ඇති බව මූලික විශ්ලේෂණවලින් පෙන්වා දී තිබේ.

මෙය "විද්‍යාව හා මානව හිතවාදී බව සම්බන්ධයෙන් විශිෂ්ඨ දිනයක්" ලෙසට එන්නතේ නිපැයුම්කරුවන් වන Pfizer සහ BioNTech විසින් පෙන්වා දෙනු ලැබ ඇත.

රටවල් හයක පුද්ගලයින් 43,500ක් මත එන්නත අත්හදා බලා ඇති අතර සුරක්ෂාව පිළිබඳ ගැටලුවක් පැන නැගී නැත.

මෙම මාසය අවසානය වන විට, එන්නත භාවිතය සඳහා හදිසි අනුමැතියකට අයදුම් කිරීමට අදාළ සමාගම් සැලසුම් කරති.

අප සියලු දෙනාගේ ජීවිත මත පැටවී ඇති බාධක ඉවත් කිරීමේ හොඳම මග - සාර්ථක ප්‍රතිකාර එක්ව යන - එන්නතක් බව හඳුනාගෙන තිබේ.

එන්නත් දුසිමක් පමණ ඒවායෙහි අවසන් අදියරවල අත්හදාබැලීමෙහි යොදවා ඇති අතර ඉන් පළමු වරට සාර්ථක ප්‍රතිඵලයක් අත්කර දී ඇත්තේ මෙම එන්නත ය.

මෙය සම්පූර්ණයෙන් ම පර්යේෂණමය ප්‍රවේශයක් - වෛරසයේ ජානමය කේතයේ කොටසක් එන්නත් කිරීමද ඇතුළත් - වන අතර එයින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීම අපේක්ෂා කෙරේ.

අතරමැදි සති තුනක විරාමයක් අවශ්‍ය කෙරෙන මාත්‍රා දෙකක් මින් ලබා දේ. එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබාදී දින 7 ක් ගෙවී ගිය තැන 90% තරම් ආරක්ෂාවක් ළඟා කරගත හැකි වූ බව එක්සත් ජනපදය, ජර්මනිය, බ්‍රසීලය, ආර්ජන්ටිනා, දකුණු අප්‍රිකාව හා තුර්කිය යන රටවල කරන ලද පරීක්ෂණවලදී පෙන්වා ඇත.

මෙම වසර අවසානය වනවිට මාත්‍රා මිලියන 50ක් සැපයීමට හැකිවනු ඇති අතර වසර 2021 අවසානය වනවිට මාත්‍රා බිලියන 1.3ක් පමණ සැපයිය හැකි බවට විශ්වාසය Pfizer පළ කරයි.

කෙසේවෙතත්, සෙල්සියස් සෘණ 80 ට පහළින් වූ අධි ශීත තත්ත්වයක එන්නත රඳවා ගත යුතු බැවින්, එන්නත සැපයීමේ අභියෝග මතු කළ හැකිය.

ප්‍රතිශක්තිකරණය කොපමණ කලක් පවතීද යන්න සම්බන්ධයෙන් ද ගැටලු පවතී.

"මෙම ගෝලීය සෞඛ්‍ය අර්බුදය අවසානය කරා ගෙන ඒමට සහය විය හැකි, වඩා අවශ්‍යව තිබූ සොයා ගැනීම ලොව පුරා ජනතාව වෙත සම්පාදනය කිරීමේ ඉතා සුවිශේෂී ආසන්න පියවරට අප ළඟා වී සිටිනවා" යැයි Pfizer හි සභාපති ආචාර්ය ඇල්බර්ට් බොර්ලා පැවසීය.

BioNTech හි සමාරම්භකයෙකුවන මහාචාර්ය උගුර් සහීන් මෙම ප්‍රතිඵලය පෙන්වා දුන්නේ "සන්ධිස්ථානයක්" ලෙසිනි.

එක්සත් රාජධානිය මේවන විට මාත්‍රා මිලියන 30 ක් ඇණවුම් කර තිබේ.

එන්නත 'සහයක් පමණයි'

කොරෝනාවෛරසයට එරෙහිව එන්නත් අත්හදාබැලීමක් බිළිබඳ බලාපොරොත්තු සහගත ලකුණු පළවීම විශිෂ්ඨ පුවතක් වුව ද එය තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කිරීමක් නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයෙක් අනතුරු අඟවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කෝවිඩ්-19 පිළිබඳ විශේෂ නියෝජිත වෛද්‍ය ඩේවිඩ් නබාරෝ පෙන්වා දෙන්නේ එන්නතක් පැවතියේ වුව ද, වෛරසයේ පැතිරීම පමා කිරීමට සහයක් වූ චර්යා තවදුරටත් පවත්වාගැනීමට ජනතාව හා ආණ්ඩු ක්‍රියා කිරීම ඉතා වැදගත් බවය.

"ලබන මාසයේදී එන්නතක් ආවත්, අප පවත්වාගත් මෙම මූලධර්ම නිසැකවම අවශ්‍ය වන බව මම අවධාරණය කරන්න ඕනෑ" යැයි ඔහු සඳහන් කරයි.

"එනනතකින් සහයක් ලැබෙන නමුත් එය සම්පූර්ණයෙන් තත්ත්වය වෙනස් කරන්නක් නොවෙයි."

නියාමන ක්‍රියාපිළිවෙත් හරහා එන්නත සළකා බැලිය යුතු යැයි කී ඔහු එය "ආරක්ෂාකාරී හා ඵලදායි" යැයි කීමට බලධාරීන්ට හැකිවීමට පෙර "පියවර ගණනාවක්" ඇති අතර ඒ සඳහා අවම වශයෙන් "මාස කිහිපයක්" ගතවනු ඇති බවට ද වෛද්‍ය නබාරෝ පුරෝකථනය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad